Skip to main content
නව ජනාධිපතිතුමා, ලෝකයටම - තේරීපත් නොවූ
කියනා ලෙසට චීනයේ වුහාන් උපදින ඔහු
2019 දෙසැම්බර් ලෝක පාලනය භාරගනී
එතැන් පටන් අපි ඔහුගේ පාලනයේ
මුලු ලෝකයම ඔහු නතු කරගෙන
බල තන්හාව රජයන්න
සැම මනුසතෙකුටම සම සැළකුම
රජ පවුලටත් එදා වේල පැල්පතටත්
බලවත් යැයි කියන රටටත් බෑලු
ගොටුවෙන් අල්ලාගන්න ඔහුගේ
මිලියන ගනන් ජනයා දිවි දුන්න සටනක්
ඒත් නෑ සිඳෙන්නේ බල තන්හාව
රටවල් වසා දමා හුදෙකලා වෙලා
ඒකාධිපති පාලනයට බියෙන්
අපේ ලොකුකමද මන් දා ඉඩ දුන්නේ
පතුරන්න පාලනය ලෝකේ පුරා
ඔහු ගැන අපේ අඩු තක්සේරුවද
මෙල්ල කරන්න ආයුධ හොයා ගත්තත්
අපිටමයි වෙන්නේ පරාද කරන්න
බල තන්හාව ඒකාධිපතියගේ
මුහුණු ආවරණයක් පළඳින්න!
අත් සෝදන්න!
දුරස්ත භාවය සුරකින්න!